Saturday, July 27, 2024
Follow Us
යුක්තිය, සමාන අයිතිවාසිකම් අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත අමෙරිකාවේ කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් අවසන් වී වසර 15ක් සපිරෙන සංවත්සරයේදී එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ සහයෝගයෙන් සිටින බව අමෙරිකා එක්සත් ජනපදය සහතික කරයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ‘X’ පණිවිඩ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, යුක්තිය, සමාන අයිතිවාසිකම් සහ අවස්ථා සඳහා ප්‍රවේශය අඛණ්ඩව අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාව සඳහා අමෙරිකාව ස්ථිර හවුල්කරුවෙකු ලෙස සහයෝගය ලබා දෙන බවයි.

තිරසාර සාමය සහ ප්‍රගතිය සඳහා එහි විවිධත්වය වැළඳ ගන්නා සමෘද්ධිමත් සහ සියල්ලන් ඇතුළත් අනාගතයක් කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහාය දැක්වීමට ඔවුන්ගේ කැපවීම වැදගත් වන බව ද අමෙරිකා තානාපතිවරිය තවදුරටත් සදහන් කර ඇත.

Dinamina