මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 07ක් අපවත් වී ඇති බව වාර්තා වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13 නමක් සිට ඇති බව වාර්තා වන අතර බරපතළ තුවාල ලැබූ හිමිවරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.