Wednesday, September 24, 2025
Follow Us
සෑම ප්‍රජාවකටම සංස්කෘතික, පෞද්ගලික හා දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කරනවා - අගමැතිනී

සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතය,පෞද්ගලික ජීවිතය, දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

"සංඥා භාෂා අයිතිය නොමැතිනම් මානව අයිතිවාසිකම් අහිමිය යන්න" තේමා කර ගනිමින් බත්තරමුල්ල සුහුරුපායේ ඊයේ (23) පැවති ජාතික සංඥා භාෂා දින සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

එක්ව අත්නොහැර සැම අතින්ම සමානාත්මතාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි ,

සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතයක්,පවුල් ජීවිතයක්, දේශපාලනික ජීවිතයක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන ලෙස පහසුකම් සැලසීම අරමුණු කරගෙන රජය ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කරනවා.

සංඥා භාෂාව අප සියලු දෙනා ඉගෙනගැනීමෙන් අනෙකුත් පොදු භාෂාවන් මෙන්ම භාවිතා කිරීම නතුළින් එම ප්‍රජාවටද වෙනසකින් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගෙනවා. එවැනි පරිසරයක් තුළ මානව අයිතිවාසිකම් සුරකෙන සමාජයක් ගොඩනැගිය හැකි බව රජය විශ්වාස කරනවා යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.