ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
වැලිසර නාවික හමුදා වේවි ඇන්ඩ් ලේක් උත්සව ශාලාවේ පැවති වෙනස් වන ගතිකත්වයන් යටතේ ඉන්දියානු සාගරයේ සමුද්‍රීය දැක්ම" යන තේමාවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව 12 වන වරට සංවිධානය කළ "ගාලු කථිකාව 2025" ජාත්‍යන්තර නාවික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
වසර ගණනාවක් පුරා, මෙම සංවාදය ඉන්දියානු සාගරයේ අනාගතය පිළිබඳ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර වේදිකාවක් බවට පත් වී තිබෙනවා.
ඉන්දියානු සාගරය, ලෝකයේ වඩාත්ම උපායමාර්ගික සමුද්‍රීය කලාපයක්. වෙළඳාම සහ බලශක්ති සුරක්ෂිතභාවය සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන මාර්ගයක් මෙන්ම මිලියන ගණනකගේ ජීවන මාර්ගයක්ද වෙනවා.
එහෙත්, භූ දේශපාලනික තරඟකාරීත්වය, පාරිසරික පීඩනය, නීති විරෝධී සංක්‍රමණය සහ පාලන අභියෝගයන් මේ සමග නිර්මාණය වී තිබෙනවා.
ශතවර්ෂ ගණනාවක සිට වෙළඳාම, සංස්කෘතික හුවමාරුව සහ තාක්ෂණික දියුණුව වෙනුවෙන් ඉන්දියානු සාගරය ශිෂ්ටාචාරයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. අද වන විට, එය උපායමාර්ගික අවශ්‍යතා එක්රැස් වන ප්‍රධාන ස්ථානයක් බවට පත්වෙමින් තරඟකාරීත්වය සඳහා වූ රංගභූමියක් මෙන්ම සහයෝගීතාව සඳහා වූ වේදිකාවක් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ පිහිටීමෙහි ඇති වටිනාකම සහ වගකීම ඉතා හොදින් හඳුනාගෙන තිබෙනවා. ඉන්දියානු සාගරය සාමකාමී, සුරක්ෂිත, තිරසාර සහ සාධාරණත්වය හා සහයෝගීතාව මත පාලනය වන ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා සියලුම හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමයි අපේ අරමුණ.
නුතන ලෝකය තුළ සාගරය පෙර නොවූ විරූ අභියෝගයන්ට ලක්ව තිබෙනවා. දේශගුණික විපර්යාස, මුහුදු මට්ටම ඉහළ යාම, අධික ලෙස මසුන් ඇල්ලීම සහ පරිසර දූෂණය යන කාරණා ජෛව විවිධත්වයටත්, මානව ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයටත් තර්ජනයක් වී තිබෙනවා.
සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම අපගේ ජාතික පැවැත්මට අත්‍යවශ්‍ය වන අතර, ඒ නිසාම අපි ශක්තිමත් සංරක්ෂණ රාමු, සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශ පුළුල් කිරීම සහ ජාතීන් අතර සහයෝගීතාව වෙනුවෙන් පෙනීසිටිනවා.
ඵලදායී සමුද්‍රීය පාලනය ද ඒ හා සමානවම තීරණාත්මකයි. සාම්ප්‍රදායික තර්ජනවලට අමතරව, ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන අභියෝගයන්ටද මුහුණ දීමට සිදුව තිබෙනවා. එය අපගේ නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ වැදගත් කාර්යභාරය බව මම අවධාරණය කරන්න කැමතියි.
ජාතික ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටිනවා. එහිදී, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග රජය මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
නිරන්තරයෙන් විකාශනය වන සමුද්‍රීය ආරක්ෂක භූ දර්ශනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තීරණාත්මක කාර්යභාරය හඳුනා ගනිමින්, රජය 2025 ආරක්ෂක අයවැයෙන් නාවික හමුදාව සඳහා රුපියල් බිලියන 92.5 ක් වෙන් කළා, එය පෙර වසරට සාපේක්ෂව 12%ක වැඩිවීමක්. මෙම ආයෝජනය ජාතික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ අපගේ සමුද්‍රීය කලාපය ආරක්ෂා කිරීමට රජය දක්වන උනන්දුව පිලබඳ කියාපාන අවස්ථාවක් ලෙසයි මම සලකන්නේ.
මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිතිපතා මුර සංචාර, පරීක්ෂණ සහ බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුම් සිදු කිරීමෙන් අපගේ ජනතාව සහ අපගේ සමුද්‍රීය කලාපය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරන කැපවීම අගය කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
ඉන්දියන් සාගරයේ මෙම අභියෝගයන්ට ශ්‍රී ලංකාවට පමණක් මුහුණ දිය නොහැකියි. ඵලදායී සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් සඳහා අනෙකුත් ජාතීන්ගේ ක්‍රියාකාරී සහයෝගය අවශ්‍ය වෙනවා.
නැව් ගමනාගමනයේ නිදහස, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සහ මුහුදු කොල්ලකෑම්, ජාවාරම් සහ නීති විරෝධී සංක්‍රමණයන්ට ප්‍රතිචාර දැක්වීම, තොරතුරු හුවමාරුව කියන කාරණා නාවික හමුදා සහ වෙරළාරක්ෂක බළකායන් අතර සම්බන්ධීකරණය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවරයන් මතයි රඳා පවතින්නේ.
මේ සියලු කාරණාවලදි . නැවියන්, වෙරළබඩ ප්‍රජාවන් සහ සාගර සම්පත් මත යැපෙන ජනතාව අවස්ථා සහ අවදානම් යන දෙකටම මුහුණ දෙනවා.
නාවික හමුදාවන්ට මුහුදු මාර්ග සුරක්ෂිත කිරීමට, ආක්‍රමණ වැලැක්වීමට, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සහ මානුෂීය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමට හැකි වෙන්නේ එකිනෙකා අතර සහයෝගීතාවය මතයි. විනිවිදභාවය සහ ජාත්‍යන්තර නීතියට ගරු කිරීම මුල්කරගත් හවුල් සමුද්‍රීය ආරක්ෂක රාමුවකට දායක වන ලෙස ශ්‍රී ලංකාව සියලු ක්‍රියාකරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
සහයෝගීතාවය තුළින් ඉන්දියානු සාගරයේ සාමය, සමෘද්ධිය සහ අවස්ථා සඳහා වූ කලාපයක් ලෙස ගොඩනැගිය හැකි වෙනවා.
කිසිම ජාතියකට තනිවම ඒවාට මුහුණ දිය නොහැකියි. ඒවා සඳහා බහුවිධවාදය, රාජ්‍යයන් අතර හවුල්කාරීත්වය, නාවික හමුදාව, මුහුද ආශ්‍රිත කර්මාන්ත සහ සිවිල් සමාජය සම්බන්ධ වීම අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා, ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී දිනේෂ් කේ ත්‍රිපති, යුධ හමුදාපති ලසන්ත රොද්‍රිගු, ගුවන් හමුදාපති වාසුබන්දු එදිරිසිංහ, නාවික හමුදාපති කාංචන බානගොඩ, නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ඩේමියන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.