Monday, September 21, 2026
Follow Us
Centrum Air ඔක්තෝබර් 28 සිට මත්තලට යළිත් ගුවන් ගමන් අරඹයි

උස්බෙකිස්ථානයේ Centrum Air ගුවන් සේවය විසින් 2026/27 උතුරු ශීත සෘතුව වෙනුවෙන් Tashkent නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

මීට පෙර 2025 ජනවාරි දක්වා ක්‍රියාත්මක වූ මෙම ගුවන් මාර්ගය, යළිත් වරක් 2026 ඔක්තෝබර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා Airbus A320neo ගුවන් යානා යොදා ගැනීමට නියමිතය.

මෙම නව කාලසටහනට අනුව සතියකට ගුවන් වාර දෙකක් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන අතර, මත්තල සිට Tashkent බලා පිටත්වන ආපසු ගුවන් ගමන් සවස කාලයේදී සිදුකිරීමට නියමිතය.