Wednesday, October 07, 2026
Follow Us
ආපදා හේතුවෙන් ගෙවූ නිවාස කුලී ලබාදීමේ කාලය දීර්ඝ කෙරේ

දීපව්‍යාප්ත හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන් සඳහා පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

2025.12.05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි අනු අංක 04 සඳහා සංශෝධන ඇතුළත් කරමින් මෙම දීමනාව අඛණ්ඩව ලබාදීමට කටයුතු කරනු ඇත.

නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර අවසන් කරන තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි වීම සඳහා මෙම මාසික ගෙවල් කුලී දීමනාව ලබා දේ.