Sunday, January 11, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහතට

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම යළි පහත හෙළා තිබෙනවා. ඒ, ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිං ආයතනය විසින්. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය ශ්‍රේණිගත කිරීම C ශ්‍රේණියේ සිට RD දක්වා පහත හෙළීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.

RD යනු සීමා කළ ණය පැහැර හැරීමේ තත්ත්වයක්. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර දෙකක් මත ඉකුත් 18 වනදා ගෙවීමට නියමිතව තිබූ ගෙවීම් ශ්‍රී ලංකාව පැහැර හැර තිබීමයි.

කෙසේවෙතත් එවැනි තත්ත්වයක් මතු වුවද, තවත් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන මූඩිස් ආයතනය මෙරට ණය වර්ගීකරණය පහත හෙළා නැහැ. ඔවුන් තවදුරටත් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය CA මට්ටමේ නම් කර තිබෙනවා.

(Neth)