Sunday, January 11, 2026
Follow Us
සන්තකයේ තබා ගත හැකි ඩොලර් සීමාව අඩුකිරීමට මහ බැංකුව සැරසෙයි

පුද්ගලයෙකුට සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබෙනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ 19 පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ වන විට පුද්ගලයෙකුට සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය 15,000 සිට 10,000 දක්වා අඩු කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

රට තුළ පවතින ඩොලර් හිඟයට විසදුමක් ලෙස එලෙස ක්‍රියාකිරීමට අවධානය යොමුකර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රටේ ආර්ථිකය ගොඩනැගීමට පැවති බාධා ක්‍රමයෙන් පහව යන බවක් පෙන්නුම් කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මෙහිදී ප්‍රකාශ කළා.

(Neth)