Friday, December 12, 2025
Follow Us
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති ඇති අතර මෙම නිවේදනය අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.