.• අයවැය ප්‍රතිපාදන උපරිම ඵලදායිතාවයෙන් භාවිත කිරීමට අමාත්‍යතුමියගෙන් උපදෙස්
• ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියට වෘත්තිය අධ්‍යාපනය හදාරන සිසුන් දායක කර ගැනීමට අවධානය
ආපදා තත්ත්වයෙන් පසු වෘත්තීය අධ්‍යාපන පද්ධතිය සාමාන්‍යකරණය කිරීමේ ක්රමෝපායන් සැකසීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය සවිබල ගැන්වීම සහ සඳහා වූ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරි අභිවෘද්ධිය සඳහා සැකසුණු උපායමාර්ගික සැලැස්ම පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරිය පවසා සිටියේ, මෙවර අයවැය තුළින් වෘත්තීය අධ්‍යාපනය නඟා සිටුවීමට වැඩි මුදලක් වෙන්කර ඇති බවත්, එයින් උපරිම ප්‍රතිඵලයක් ලබා ගත හැකි අයුරින් සෑම වෘත්තීය අධ්‍යාපන ආයතනයක්ම තම වගකීම අත් නොහැර සංවිධානාත්මකව කටයුතු කළ යුතු බවත් ය.
රට පුරා පැවැති ආපදා තත්ත්වයෙන් හානි වූ වෘත්තීය පුහුණු ආයතන කඩිනමින් යථා තත්ත්වයට පත් කර නැවත සිසුන්ට අධ්‍යයන ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ වෘත්තීමය දක්ෂතා හා නිපුණතා රට නැවත ගොඩනැඟීමේ ක්‍රියාවලියට දායක කරගන්නා ආකාරය සම්බන්ධව ද වැඩිදුර අවධානය යොමු විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු වෘත්තිය අධ්‍යාපන අංශයේ නිලධාරීහු සහභාගි වී සිටියහ.