Monday, February 02, 2026
Follow Us
ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ ලෙස රුපියල් මිලියන 100 ක්මහා භාණ්ඩාගාරයට

ලංකා ත්‍රිපෝෂ සමාගමේ  ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීම ඊයේ (10) සිදු කෙරිණි.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත අදාළ චෙක්පත භාර දෙනු ලැබුවේ ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ඇතුළු පිරිස විසිනි. මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා ද එක් විය.

එහිදී නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බවට ඇතැම් පාර්ශව විසින් අසත්‍ය ප්‍රචාර රැගෙන ගිය ද වත්මන් රජයේ නිසි කළමනාකරණය සහ සේවකයන්ගේ කැපවීම මත එම සමාගම වඩාත් සුරක්ෂිත සේවාවක් ඉටුකරන බවයි