Friday, January 30, 2026
Follow Us
යුරෝපා සංගමයෙ​න් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක මානුෂීය ආධාරයක්

මෑත දිනවල ඇති වූ විනාශකාරී නායයෑම් සහ ගංවතුරට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර ඇත.

මෙම ආධාරය “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත්වූවන් වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබා දෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බව යුරෝපා සංගමය සඳහන් කරයි.