අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ
එකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ
එදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ
මඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ
අපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ
ඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ
දෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ
එදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ
අඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා
විදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා
මගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා
මතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා
@Kalani Ruwanpathirana
_____________________________________________
ආයේ ඉපදී වරෙන් ළඟටම
හුඟක් උන් කියනවා ඇහුනා...
රෑ යම ගෙව්වෙම නින්ද නොනින්දේ
සාමෙල බීගෙන ගෙයි පිල මත්තේ
තේ කහටින් උගුරක් ගිලිමින්නේ
පැංචිට කන්න කටක් ලිප තිබ්බේ
ඉස්සර වගේම තාමත් සඳ මෝරණවා
සිංහ ගිරට වැඩියෙන් හදවත දනවා
නුඹ ගැන මතක මානෙල් වල ලියවෙනවා
මා පෙම් කුමරුනේ මට නුඹ සිහිවෙනවා ....
Patience visited me
And it reminded me
That good things take time to come to fruition
And grow slowly with stability
පිරිමියෙකුට හැකිනම් ගැහැණියකගෙ හැඟුම් වලට ඇහුම්කන් දෙන්න, කෝප නොගෙන, වියරු නොවැටී ඉවසීමෙන්...
ගුරුතුමිය තමාට දඩුවම් කලැයි.පුතෙක් තාත්තෙක්ට ගෙදර ගිහින් කියලා .ඒක අහපු තාත්තා පුතාට මෙහෙම කියනවා........?????
ජීවිතේ මහ හීන ගොන්නක්
හිනාවීගෙන අත දරන්
ආදරේ මහ සාගරේ සේ
පපුව මැද්දේ හිර කරන්
පේවෙලා අතිනත් අරන් ගිය
දීගයේ රස තැන් සොයන්
අමාවක දා අහස පීරා
සෙව්වෙ සඳ හිත මත් කරන්..
Page 25 of 50