Thursday, March 26, 2026
Follow Us
ගෙවෙන දවස....

රෑ යම ගෙව්වෙම නින්ද නොනින්දේ
සාමෙල බීගෙන ගෙයි පිල මත්තේ
තේ කහටින් උගුරක් ගිලිමින්නේ
පැංචිට කන්න කටක් ලිප තිබ්බේ


කොස් ඇට මාළුව සම්බල එක්කා
සුන්සහලේ බත රස්නෙට බැන්දා
පින්නට රෙද්ද අරන් හිස රන්දා
සංගුවටත් පෙර වත්තට වන්නා
කට්ටියෙ ගස් පිහි පාරට කප්පා
පොල්කටු වෑහෙන සීරුවෙ එල්ලා
ලංකර දුන් විඩකුත් මුවෙ ඔබ්බා
ඔට්ටපලුත් ගෙන මල්ලට දැම්මා
රැස් කර ගත් කිරි හිස මත උස්සා
ඉස්ටොරුවෙන් පය ඉක්මන් කොල්ලා
සොච්චම ලත් අත හිස් කර ගත්තා
සීනි දෙසීයද පත්ලෙම උන්නා
නයන සමනක්කොඩි
2022 .09. 06