Monday, April 21, 2025
Follow Us
හිත පරිස්සම් කරගන්න

කාගෙවත් වචන ළඟ වෙනස් නොවෙන විදියට
මිනිස්සු කතා ගොතයි


හිතළු ඇත්ත වගේ මූනටත් කියයි
හිත හෙල්ලිලා යන දේවල් හදලත් කියයි
ඒ දේවල්වලින් හිත රිදවගන්න එපා
හෙල්ලිලා විසිරෙන්න හිතට ඉඩ දෙන්නත් එපා
මිනිස්සු දේවල් කියන්නෙ එයාලගෙ හිත කියන විදියට
මිනිස්සු දේවල් කියන්නෙ එයාලගෙ නැණ පමණට
මිනිස්සු දේවල් කියන්නෙ එයාලා දකින්න කැමති විදියට
මිනිස්සු දේවල් කියන්නෙ එයාලගෙ ජීවිතවල
දේවල් වෙන විදියට
එයාලා කියන්නෙ එයාලගෙ දේ ඔයාට ඇතුළත් කරලා මිස
ඔයාගෙ ජීවිතේ දේ නෙවෙයි
මොකද ඔයා ගැන ඔයා මිස හරියටම දන්න වෙන කෙනෙක් නෑ
ඔයාගෙ හිත ගැන ඔයා මිස වෙන කවුද දන්නෙ හරියටම
ඒ හින්දා ඔයාගෙ හිත වෙනස් කරගන්න එපා
කාගෙවත් වචන ළඟ
ඔයා වග කියන්න ඕන ඔයා උත්තර බඳින්න ඕන
ඔයාගෙ හෘද සාක්ෂියට මිස
කාගෙවත් වචනවලට නෙවෙයි
කාගෙවත් කතාවලටත් නෙවෙයි..
❤️?✨
Credit - බුද්ධිනී