ඉස්සර වගේම තාමත් සඳ මෝරණවා
සිංහ ගිරට වැඩියෙන් හදවත දනවා
නුඹ ගැන මතක මානෙල් වල ලියවෙනවා
මා පෙම් කුමරුනේ මට නුඹ සිහිවෙනවා ....
හෙල්ලක් ගෙනත් අප්පච්චිගේ ලයට තියා
" දීපන් දෝණි " කියලා රජු කියපු නිසා
ආලෙට වගේම අප්පච්චිට සෙනෙහෙ නිසා
ආවේ මැදුර වෙත තුන්තිස් පැයක් අඩා .....
නිතරම ඇවිත් නිරිදුන් මගේ යහන කරා
රාගික හැගුම් වපුරයි තුන් රැයක් පුරා
දෑසින් පවා මට සෙනෙහස පිදුව ඔයා
මතකය මතක් වෙද්දිත් මම ඉදිමි දරා .....
රන් මුතු මාල අභරණ හා සේද සළු
මිරිවැඩි සගල දෝලා මට ලැබුන ගරු
කහවනු රිදි ගම්වර සහ පඩුරු සළු
හිමි වු නිසා අප්පච්චිත් නිහඩ වුනු .....
දවසක් ඇවිත් කුමරිය නුඹ වඩිනු කියා
එක්කන් ගියා ගිර මත ඇති තැනක් කරා
නිරුවත් කරා උන් මගේ සළු සේද උනා
රණ හංසයින් දිලුණා ගල මුදුන පුරා .....
දිනකය ඇවිත් නුඹ නැග්ගොත් සිගිරි ගල
නඹ දැක ගනියි රංකද මගේ පිරුණ ලැම
නුඹ ලග නැතිව මුළු ලොවටම නිරුවත්ව
කල පව නිසා විදවමි මම හැමදාම .....
නිරුවත් වෙලා මුළු ලෝකෙට හැමදාම
අවමන් කලා මං වෙනුවෙන් සිටි නුඹට
නොහොබින ස්‍ත්‍රියක් ලෙස නම් පට බැන්ද
" ගුත්තලා " මැණික මියයන්නම් ගලෙන් පැන ....
දස්කොන් ගේ පුතා