Thursday, September 24, 2026
Follow Us
පොලිස් කුක්කො බලු

පාසල ළඟ පොඩි දරුවගෙ
ඇඟ අත ගා හෙව්වත්
මිලි ග්‍රෑම් වලින් කුඩු
ප්ලේන් එකෙන්


සාගරයෙන් එන්නෙ
කිලෝ ගණන් කුඩු
හාල්මැස්සො ඇල්ලුවාම
පොලිස් ලොක්කො
දාන්නෙ තඩි නඩු
තෝරු මෝරු පැටලුනාම
කෝල් එකයි
පොලිස් කුක්කො බලු
© එරා