Wednesday, April 29, 2026
Follow Us
State

ජෛව බුබුලු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට සියලු සංචාරක ස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබේ.

State

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සහ ඉන් පිට පළාත්වල සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද සිට ආරම්භ කෙරෙනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සතියේ ඕනෑම දිනක උදෑසන 08.30ත් සවස 04.30ත් අතර කාලයේදී පළමු එන්නත් මාත්‍රාව හෝ දෙවන එන්නත් මාත්‍රාව මෙහිදී ලබා ගත හැකියි.

State

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. සෙසු ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිතුමා එකඟතාව පළකළේ.

State

මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත පළමුවෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

State

රූපවාහිණි, ජංගම දුරකථන, ශීතකරන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ඇතුළු උපකරණ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා.

State

විනය කඩ කරන ක්‍රිඩකයින්ට එරෙහිව සමාවක් නොදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු අවධාරණය කළේ ක්‍රීඩකයා කොතරම් දක්ෂ වුවත්, ඔවුන් විනය කඩ කරන්නේ නම් එවැනි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තීරණයක් ගත යුතු බවයි.

State

The use of plastic and polythene cannot be completely eliminated, but it can be done by implementing certain programmes to reduce their use, such as 3R stands, Environment Ministry Secretary Dr. Anil Jasinghe said.

State

අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

State

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

State

පොහොර සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ගොවි ජනතාවට ඇති නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

State

වෙළඳපොලේ කොතැනකවත් දැනට රජය විසින් පනවා ඇති පාලන මිලට විකිණීම සඳහා සීනි නොමැති බවත් මේ සම්බන්ධයෙන් කොතෙක් අධිකරණමය ක්‍රියාමාර්ග ගත්ත ද ප්‍රතිඵලයක් අත්වී නොමැති බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

State

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 82 දෙදෙනෙකුට සහන සලසා තිබෙනවා. ඒ අතරට උසස්වීම්, වැටුප් වර්ධක ලබාදීම සහ තනතුරු උසස් කිරීම් පෙරදාතම් හෙවත් බැක්ඩේට් කිරීම් ද ඇතුළත්.

State

අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ 2021 උසස් පෙළ අයැදුම් පත් මාර්ග ගත ක්‍රමයට පමණක් භාර ගන්නා බවයි. ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන් මෙන්ම පාසල් අයැදුම්කරුවන්ද මාර්ග ගත ක්‍රමයට අනුව අයැදුම්පත් යොමු කළ යුතුය.

State

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ගීකරණය යටතේ තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කරන බව වාර්තා වේ.

State

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.

State

ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

State

සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයෙකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව එහි අධ්‍යක්‍ෂ, වෛද්‍ය ජී විජේසූරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කළේ කලින් වේලාවක් ලබාගෙන එම එන්නත්කරණ වැඩසටහන සදහා එක්විය හැකි බවයි.

State

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.