Wednesday, December 04, 2024
Follow Us
ලන්ච්ෂීට් දඩය ලක්ෂය දක්වා ඉහළට

අගෝස්තු 01 දා සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පොලිතීන් සහ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමත් සමඟ දැනට රුපියල් 10,000 ක් ලෙස පවතින දඩය රුපියල් 100,000 දක්වා ඉහළ දමා තිබේ.


මීට අමතර පරිසර අමාත්‍යාංශය පොලිතින් හා ප්ලාස්ටික් සම්බන්ධව තීරණ කිහිපයක් ගෙන ඇත.ඒවා පහතින් දක්වා තිබේ.

01) පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවි දඩය රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම. (දැනට තිබෙන දඩය රුපියල් 10,000යි)

02) පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදන සමාගම්වලට මාසයක සහන කාලයක් ලබා දීම

03) ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වන නව සමාගම්වලට ඒ සඳහා ඉඩ ලබා දීම

04) පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය මුළුමනින්ම අකර්මණය කිරීම

05) ජෛව හායනික ලන්ච්ෂීට් නිෂ්පාදනයේ දී වෙනත් ව්‍යාජ කර්මාන්තකරුවන් එම කටයුතු සිදු කිරීම වැළැක්වීමට සඳහා අදාල නිෂ්පාදන සමාගම හඳුනාගැනීමට කිසියම් කේතයක්( CODE) හඳුන්වා දීම හා ඒ ඒ සමාගම් මගින් නිකුත් කරන සෑම ලන්ච්ෂීට් එකකම එම කේතය මුද්‍රණය කිරීම. ඒ සඳහා සෞඛ්‍යමය වශයෙන් හිතකර තීන්ත භාවිතා කිරීම.

06) මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා වෙනත් ආයතන යොදාගනිමින් මෙම සමාගම් මෙන්ම වෙළෙඳපොළ නියාමණය අඛණ්ඩව සිදු කිරීම හා අවශ්‍ය නම් වැටලීම්වල දී පොලිසියේ සහාය ලබා ගැනීම.

07) දැනට මේ සම්බන්ධව පවතින පරිසර පනත ඇතුළු අණපනත් මගින් යෝජනා කර ඇති දඩමුදල් හා දඩුවම් වැඩිකරමින් සංශෝධනය කිරීම.

(Aruna)