Wednesday, July 29, 2026
Follow Us
State

The Education Ministry has decided to postpone the 2021 GCE Advanced Level examination (A/L) and the Grade-Five-Scholarship Examination.

State

රට තුළ මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව දින 27කට ප්‍රමාණවත් ප්‍රෙට්‍රල්ද, දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද පවතින බවයි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

State

අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර අගෝස්තු 01 වනදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාවට නැංවීමට ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත කියා සිටියේ බස්රථ සංඛ්‍යාව සීමා කර ඕනෑම අයෙකුට ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට අවධානය යොමුවී ඇති බවයි.

State

(ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)

State

අනාගතයේ අභියෝග ජය ගැනීමට ඊට උචිත කුසලතාවලින් තරුණ පුරපුර සන්නද්ධ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. සිදුවිය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමිවීම්, ආහාර සුරක්‍ෂිතතාව සහ පිරිසිදු ජලය ලබාගැනීමට ඇති හැකියාව අනාගතයේ එල්ල විය හැකි අභියෝග බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

State

මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබීමත් සමගයි. එම එන්නත් මාත්‍රා ලබන 22 වනදා මෙරටට ලැබීමටයි නියමිතව ඇත්තේ.

State

වර්ජනයේ නිරතව සිටින ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග හෙට (20 වැනිදා) තීරණාත්මක සාකච්ඡාවක් පවත්වයි.

State

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීම සිය එකම අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ ඒ සදහා සියළු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.

State

මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගිවන ක්‍රීඩකයින් සමග යාමට ක්‍රීඩා අමාත්‍යාංශය අවස්ථාව ලබාදෙන්නේ සීමිත පිරිසකට පමණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ තමන් වෙත මීට පෙර ඉදිරිපත් කෙරුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවන පිරිස ඇතුළත් නාමලේඛණයද සංශෝධනය කළ බවයි.

State

Sports and Youth Minister Namal Rajapaksa on Saturday declared that Sri Lanka has become the fastest vaccinating country against COVID-19 within South Asia.

State

කොවිඩ් මර්දන ක්‍රියාවලියට එන්නත්කරණය ඇතුලු රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කර තිබෙනවා. ඒ, බෞද්ධ උපදේශක සභාව 11වන වරටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

State

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණා.

State

අගෝස්තු 31 දාට පෙර වයස අවුරුදු තිහට ඉහළ සියලුම දෙනාට එන්නත ලබා දීමෙන් පසු වයස අවුරුදු දහඅටට වැඩි අයටත් එන්නත ලබාදීමට කොවිඩ් කමිටුව තීරණය කර ඇත.

State

රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

State

අද (17) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබේ.

State

ජනාධිපති සමාවෙන් නිදහස ලද දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා නම් කර තිබේ.

State

අද සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට පලාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. කෙසේවෙතත් ඔවුන්ට එලෙස පළාත් අතර සංචරණය කිරීමට අවසර හිමිවන්නේ ජෛව බුබුළකට යටත්ව පමණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කළා.

State

Clarifying the reports that confiscated canned fish was sold through Lanka Sathosa following a Cabinet decision, its Chairman Rear Admiral (Retd) Ananda Peiris said today Lanka Sathosa was selling a number of food items confiscated by the Sri Lanka Ports Authority (SLPA) after Food Control Unit at the SLPA approved them for human consumption.