රෝගීන් වැඩි වන විට රෝහල් පවත්වා ගෙන යාමට සහ රෝහල් ධාරිතාව වැඩි කිරීමට සිදුවන බැවින් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය සඳහා කැඳවීම අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
රාජ්‍ය සේවයේ රාජකාරී සාමාන්‍ය පරිදි අද සිට ආරම්භ වූ අතර රාජ්‍ය නිලධාරීන් බොහොමයක් අද පෙරවරුවේ සිය රාජකාරී ස්ථාන වෙත වාර්තා කළා.
රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාව කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොලිසිය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැහැදිළි කර තිබේ.
ඡන්දහිමි නාම ලේඛනයේ 2021 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව ලබාදී තිබේ.
Government is considering giving weekly reports to Parliament on COVID-19 pandemic situation, Minister of Health Pavithra Wanniarachchi said today.
උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාදීම අද (02) සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Colombo Municipal Council (CMC) has decided not to administer the first dose of Sinopharm vaccine to city dwellers till the completion of administering second doses of AstraZeneca and Sinopharm, Mayor Rosy Senanayake said yesterday.
අද දිනයේදී දිවයින පුරා ස්ථාන 379කට අධික ස්ථානයකදී කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
Claiming that the Government is not in a position to provide immediate solutions to the demands of the teachers, Education Minister G.L. Peiris said today the Government was planning to provide practical solutions to the issues faced by all public servants from the budget.
රටේ පවතින මූල්‍ය අර්බුදය අනුව මේ මොහොතේ ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි බවටත් ඒ පිළිබඳ යමක් කිරීමට ඉදිරි අයවැයේදී සලකා බැලීමටත් කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන තුන සම්බන්ධ කරමින් එක් පරිගණක දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන ලෙස දිගින් දිගටම ලබා දුන් උපදෙස් මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිය අප්‍රසාදය එම ආයතන වෙත පළ කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Provincial borders have been opened today only for State sector employees to report to work.
Page 321 of 645