An employee who fails to report to work without an acceptable excuse for a reasonable period of time would necessarily be a ground which justifies the employer to consider the employee as having vacated service, the Supreme Court held in a recent judgment.
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ‘අරුණ’ට පැවසීය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය.
හෙට (01) දින සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන රජය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
සංචරණ සීමා ලිහිල් කර ඇතත් කොවිඩ් වසංගතය පාලනය වී ඇතැයි හෝ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් අවදානමක් නැතැයි යනුවෙන් කිසිවෙකු වැරදි වැටහීමක් ඇතිකර නොගත යුතු බව අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.
රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්ත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළග තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබදවද කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තෙවැනි එන්නත් මාත්‍රාවද ලබාදීමට සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාල උපදෙස් ලබා දී ඇති බවයි ඇමතිවරයා මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ.
පළාත් අතර පනවා තිබෙන සංචරණ සීමා ඉවත් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරයේ පිහිටි ගොල්ෆ් පිටිය අද යළි ජනතාවට විවෘත කෙරෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලෝක වෙළදපොලේ භාණ්ඩ ආනයනය කිරීමට දුෂ්කරතා මතුවීම මෙරට තුළ කිරිපිටි හිගයක් ඇති වීමටද බලපා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අද සිට අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එම ප්‍රවාහන කටයුතු ආසන ගණනට පමණක් සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.
අගෝස්තු මස 2වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සියළුම රාජ්‍ය සේවකයෙන් අද සිට රාජකාරී සදහා කැඳවීමත් සමග ඔවුන්ට ප්‍රවාහන පහසකම් සැලසීම වෙනුවෙන් වැඩි දුම්රිය සහ බස් රථ සංඛ්‍යාවක් අද සිට ධාවනයට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත සදහන් කළේ.
ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අද (01) උදෑසන 07.00 සිට පහත සඳහන් ස්ථානවලදී ජනතාවට ලබාදීමට නියමිතය.
රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී පමණක් පුද්ගලයින් 19,075 දෙනෙකුට ලබාදී තිබෙනවා. එම එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක අතර ඊයේ රාත්‍රියේද දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිගුපෝලිම් පැවතියා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට හෙට (01) සිට දෙවන මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Page 322 of 645