අත්‍යාවශ්‍ය සේවා සඳහා සේවකයින් ප්‍රවාහනය කිරීමට ආයතනික වශයෙන් බස් රථ ඉල්ලුම් කළහොත් ඒ සඳහා අවසර ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම බස් රථවල ගමන් කළ හැක්කේ ඉල්ලුම් කරන ආයතනයේ සේවකයින්ට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් 42 දෙනෙකුට එරෙහිව මේ මස අවසන් වීමට පෙර අධිකරණය හමුවේ නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති බවයි.
නිසි ලෙස මුව ආවරණ නොපළදින තැනැත්තන්ව අද (14) දින සිට අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසාදැමීම එකම පිළිතුර ලෙස සැලකීමට අපහසු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය මගින්.
වත්මන් රජය සෑම අවස්ථාවකදීම බදු සංශෝධන සිදුකළේ ජනතාව ආනයනික භාණ්ඩ පරිභෝජනයෙන් ඈත්කර දේශීය නිෂ්පාදන පරිභෝජනය සඳහා යොමු කරවීමට බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Page 311 of 642