ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
ඉදිරි මාස හයක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම එළිදැක්වීම 2021 ඔක්තෝබර් 01 වනදා සිදුකිරීමට නියමිත බව නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
රට තුළ කොරෝනා අවදානම පැවතිය ද අපනයන ආදායම ඉහළ නැංවීමට සිය රාජ්‍ය අමාත්‍යාංශයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවෙමින් ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජයේ ආදායම් විශාල ප්රමාණයකින් පහත වැටී තිබෙනවා. මේ නිසා රාජ්‍ය ආයතන නඩත්තු කිරීමද අසීරු වී තිබේ.
මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්ය කොරෝනා මර්දන එන්නත් මාත්රා දෙකම ලබාදීම සඳහා අවශ්ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත් මාත්රා 120,000ක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
ගුරු වර්ජනයට අදාළ හේතූන් සාධාරණ හෝ අසාධාරණ වුවත් ඒ වර්ජනය තමන් කිසිසේත් සාධාරණීකරණය නොකරන බවත් තමන් ඒ වර්ජනය දෙස බලන්නේ ත්‍රස්තවාදය විනාශ කළ දැක්මෙන්ම බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.
මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවසර ලබාදුන්නේ රජය විසින් බවත් එසේ කළේ මේ වනවිට ගම්මාන තුළ පැතිර යන නීත්‍යානුකූල නොවන මත්පැන් ජාවාරම්වලින් ජනතාව බේරාගැනීම සඳහා බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීම හරහා රට වසා දමා ඇති සමයේ මසකට රුපියල් කෝටි 1,500 ක පමණ පාඩුවක් සිදු වූ බව සුරාබදු දොපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ මෙම සමයේ සාමාන්‍ය මත්පැන් බෝතලයක මිල රුපියල් 4000ක් තරම් වන මිලකට ඉහල ගොස් ඇති බවට වාර්තා වන බවයි.
Page 299 of 648