ඊයේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ තවත් කොටසක් අද (04) දිනයේත් සිදුකිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් හා විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවධාරණය කර තිබෙනවා. ඒ, රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක වශයෙන් රජය ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂි කරුණු 08 ක් පිළිබඳ මුදල් මණ්ඩලය රජයට උපදෙස් ලබා දෙමින්. ඒ අනුව මහ බැංකුව මීට පෙර නිර්දේශ කළ පරිදි අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන අධෛර්මත් කළ යුතු වනවා.
හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව බලශක්ති අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.
රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ බෙලරූස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ රැස්වු අවස්ථාවේ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.
මෙරටට ලඟා වූ ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන අද දිනයේ බෙදා හැරීම ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම නෞකාවේ ඉන්ධන මුතුරාජවෙල ඛණිජතෙල් තොග ගබඩා සංකීර්ණය වෙත ගොඩබෑම ආරම්භ කෙරුණේ ඊයේ දහවල් 12 සිටයි. එහි තිබෙන ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,300 ගොඩබෑමට දින 04ක කාලයක් ගතවන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
කාබනික වගාව කළ හැක්කේ ජෛව තාක්ෂණය භාවිතා කිරීමෙන් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
ඉන්ධන අර්බුදයත් සමග පැන නැගී ඇති ප්‍රවාහන ගැටලුව හේතුවෙන් රජයේ සේවකයන් සියයට දහයක් පමණ ඊයේ (02) දිනයේ සේවයට වාර්තා කර නැතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඉදිරි මාසයක කාලය සඳහා අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව සැපයීමට අවශ්‍ය නියෝග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඊට අවශ්‍ය මුදල් ද සපයා ඇති බැවින් ජනතාව කලබලයට පත්විය යුතු නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (04) දිනයේත් පැය 07.30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝ මීටර් 20ක කොටසට අදාල ටෙන්ඩරය කඩිනමින් ලබා දීමට මහා මාර්ග අමාත්‍යාංශය සූදානම්වනවා.
Page 216 of 642