Saturday, February 21, 2026
Follow Us
ඉන්දියාවෙන් ගෙන්වූ භාණ්ඩ මුදාගැනීමට පියවර

බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්


ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මුදාගැනීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලැබී ඇති බැවින් අවශ්‍ය මුදල් ඉදිරියේදී ගෙවීමේ පදනම මත අදාළ භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.

(Aruna)