ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදී ඇති බවයි.
මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත්කර තිබේ.
අද (06) දිනයේදී කලාප කිහිපයකට පමණක් පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
ලබන සඳුදා සිට ආරම්භ කෙරෙන නව පාසැල් වාරයේදී ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසු සිසුවියන් පාසැල් වෙත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩුනම් සෑම දිනකම සියලු පන්ති පැවැත්විය හැකියි.
ඉකුත් 5 වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවට මීට පෙර ප්‍රකාශ කළද ඊයේ මෙන්ම අද දිනයේද විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.
ආණ්ඩුව තුළ සහ කැබිනට් මණ්ඩලය තුළ මතුව ඇති අර්බුද සමනය කිරීම සඳහා පසුගිය සතියේදී සතියේදී කැබිනට් සංශෝධනයක් සිදු විය. විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කැබිනට් තනතුරු අහිමි වූ අතර දිළුම් අමුණුගම මහතාට සහ එස්.බී. දිසානායක මහතාට කැබිනට් මණ්ඩයේ අසුන් ගැනීමට අවස්ථාව හිමි විය.
මේ මොහොතේ රටේ ඇති ප්‍රධාන ගැටළුව වන ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය වී ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඔහු පැවසුවේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් පසු ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන තත්ත්වයන් මේ මොහොතේ එතරම් වැදගත් නොවන බවයි.
ඉදිරි දින දෙකක පමණ කාලය තුලදී ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි ඛණිජ තෙල් සංස්ථාව විශ්වාසය පළ කරනවා. එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ දිවයිනට පැමිණ ඇති ඉන්ධන නෞකා දෙකෙන් ඉන්ධන ගොඩබෑම අද දිනයේත් සිදුවන බවයි.
ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් ඇති බවයි.
Page 215 of 642