Saturday, February 21, 2026
Follow Us
ඩොලර් නැති නිසා වසා දැමෙන ස්ථාන

විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණය


ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල හැටතුනකට මුදල් සැපයීමට සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට අසීරු බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

විදෙස් විනිමය හිඟය ඊට බලපා ඇති ප්‍රධාන හේතුවයි. ඒ අනුව ලබන 31 වැනිදා වන විට තවත් තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉරාකයේ, බැග්ඩෑඩ්හි පිහිටි තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝ නුවර පිහිටි තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය මණ්ඩලයී ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇත.

(Aruna)