Saturday, February 21, 2026
Follow Us
ප්ලාස්ටික් හා පොලිතින් යළි වෙළඳපොලට

පරිසර ඇමති ප්ලාස්ටික් ගැන කියන කතාව


ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ නමුදු අදාළ ගැසට් පත්‍රය සකස් කිරීම ප්‍රමාද කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අදාළ තහනම සමඟ ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු මෙන්ම අයිස්ක්‍රීම් කෝප්ප වෙනුවට විකල්ප නිෂ්පාදන හඳුන්වාදීමටයි බහුජාතික සමාගම් පියවර ගත්තේය.

නමුත් අදාළ ගැසට් පත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් යළි එම සමාගම් ප්ලාස්ටික්වලට යොමුවන බවට වාර්තාවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

(Aruna)