Saturday, February 21, 2026
Follow Us
සපුගස්කන්ද අද සිට වැසෙයි

ඉන්ධන අර්බුදය වැඩිවෙන ලකුණු


සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර තිබේ.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුව අද සිට සති දෙකත් තුනත් අතර කාලයක් වසා තැබීමට සිදුව ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේය.

මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුව කෙටි කාලයක් තුළ අවස්ථා තුනකදී වසා දැමීමට සිදුවීම බරපතළ ගැටලුවක් බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා ප්‍රකාශ කළේය.

(Aruna)