රාජ්ය මාධ්ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්රධානීන් සියලුදෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙනවා. ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
Prime Minister Ranil Wickremesinghe has decided to bring in a salary hike for public servants through the interim budget which is to be presented in the future.
අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේ ප්රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, 27 පැවති සාකච්ඡාවේදීයි.
මාධ්ය වාර්තාවලට අනුව රාජ්ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්රාමාත්ය මාධ්ය අංශය දැනුම් දී සිටිනවා.
පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට අධ්යාපන අමාත්යාංශයේ අවදානය යොමුවී තිබෙනවා. මව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදිය යුතු බව තමන්ද දැඩිව විශ්වාස කරන බවයි අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත් පැවසුවේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, මාස දෙකකට පසුවයි. බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සම්පුර්ණයෙන්ම නතර කෙරුණා.
මෙරටට අවශ්ය පළිබෝධ නාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම් වෙත අවසර ලබාදුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දිය ණය ආධාර යටතේ යූරියා මෙට්ට්රික් ටොන් 65,000 ක් ද ළඟදීම දිවයිනට ලැබෙන බවයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.
රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය පවසනවා.
ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්රයන්හි පුහුණු ශ්රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි සති හයක් තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවත් මෙයින් යෝජිත දෙවසරක සහන වැඩසටහන සඳහා අරමුදල් නැවත ලබාගැනීමට යටිතල පහසුකම් ව්යාපෘති කප්පාදු කරන බවත් අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
Page 189 of 648