අමතර කොටස්වල පවතින හිගය හේතුවෙන් විදුලිබලාගාර රැසක් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එරංග කුඩාහේවා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.
ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කිරීම සහ කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකරන බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
නව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී මාර්ගය හරස් කරමින් විරෝධතාවල නිරත නොවන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ලබන 23 වනදා සිට ජුනි පළමුවැනිදා දක්වා විභාගය පැවැත්වෙනවා. එම කාලය තුළ යහපත් මානසිකත්වයෙන් සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ.
ලබන අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
රටේ පවතින ආර්ථික තත්ත්වය යහපත් වන තුරු සැලසුම් කර ඇති නව ව්‍යපෘති තාවකාලිකව අත්හිටුවීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදින් ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති විශේෂ පොලිස් මුරපල හරහා පොලිස් නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් අදාළ ආරක්ෂක කටයුතු මෙහෙයවන බවයි.
ෆයිසර් එන්නත ලබාගෙන නොමැති පිරිස්වේ නම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බවයි.
Page 188 of 645