The new 21st Amendment which received the cabinet nod on Monday is something which is close to the 19th Amendment, Minister of Justice Wijedasa Rajapaksa told Parliament yesterday.
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය උද්ගත වී ඇත්තේ රජයේ නොහැකියාවක් නිසා නොවන බවත් විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට ගත් තීන්දුව නිසා මේ තත්වය මතුව ඇති බවත් කැබිනට් ප්රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ලබන මස 15 වනදා වන විට වී ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව හරහා මෙරටට ලබාදෙන යූරියා මෙට්ට්රික් ටොන් 65,000 ක තොගය ලබන මස 06 වනදා වන විට මෙරටට ලැබෙනු ඇති බවයි.
ඛණිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු සේවාවන් අත්යාවශ්ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්.
පෞද්ගලික අංශයේ සේවකයන්ටද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවා නිවසේ සිට වැඩ කළ හැකි සේවකයන්ට ඊට අදාල පහසුකම් සපයන ලෙසයි.
ජාත්යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇති කර ගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ජාත්යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කර යෝජිත වැඩසටහන ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි අග්රාමාත්යවරයා ප්‍රකාශ කළේ.
පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ජාවෙන් පසු ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ප්‍රකාශ කර සිටිනවා.
විදුලි කප්පාදු කාලසටහන මෙතනින්
අද (22) දින පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව දහවල් 12.00 සිට රාත්රී 10.30 අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්දි වේ.
විදුලිය කැපෙන කාලසටහන පහත දැක්වේ.
Aruna
ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරටට පැමිණ සිටින ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සාකච්ජා ආරම්භ කර තිබෙනවා.
අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙන පාසල්වල සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිවසේ සිට නිරතවීමට අවස්ථාව සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රම කිහිපයක් යටතේ ඊට එක්වීමට සිසුන්ට අවස්ථාව පවතින බවයි.
Page 177 of 648