ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ අද වැඩ භාර ගැනිමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවේ ඊයේ දිනයේදියි. දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ අද යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කිරීමට නියමිතයි.
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් තව දුරටත් පවත්වා ගෙන යාමට හා සහන ලබා දීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජුනි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) සීයයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ආගමික ස්ථාන සතු ඉඩම්වල වගා කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.
පැය 02 විනාඩි 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමැතිය ලබා දී ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග කිහිපයක් ඉහළ දමා තිබෙනවා. මීට අමතරව බදු අයකරන සීමා කිහිපයක්ද සංශෝධනය කර තිබෙනවා බවයි අග්‍රමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.
එළඹෙන මහ කන්නයේ සිට පොහොර සහනාධාරයක් වෙනුවට ගොවීන්ට මූල්‍යමය ආධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ජුනි මස 02 වනදා සිට නැවත වරක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව ජුනි මස 02 වනදා සිට 05 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දැනට ක්‍රියාත්මක අමාත්‍යංශය සඳහා අයත් රාජ්‍ය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විශේෂ දුම්රිය සහ වෙන් කළ ආසන සඳහා අයකරන ගාස්තු සියයට 30කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ ජුනි මස පළමුවනදා සිට එම ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක වන බවයි.
Page 177 of 638