දින 30ක් මුහුදේ තිබුණු නැව නිදහස් කරගනී
දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම තොගය ඊයේ [ 22 වැනිදා ] සිට ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසුවේය.
එම දැවිතෙල් තොගය විදුලි බලාගාර සහ කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බව ඇමතිවරයා ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
නොරොච්චෝලේ බලගාරයේ අලුත්වැඩියා කටයුතු අතරතුරදී විදුලි කප්පාදුව තව දුරටත් වර්තමාන තත්ත්වයේ පවත්වා ගැනීමට එම ඉන්ධන යොදවන බව ඔහු එහි දක්වා ඇත.
මෙම නෞකාව දින තිහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට මුහුදු සිමාවේ නැංගුරම් ලා තිබුණේ එය නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීමෙනි.
Aruna