Monday, June 30, 2025
Follow Us
ඉදිරියේදී සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ලංගම සහ දුම්රිය තීරණය කරයි

ඉන්ධන අර්බුදයත් සමඟ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ලංගම සහ දුම්රිය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ද බස් රථ 500 ක් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පැවසුවේ දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීම අපහසු වුවත් දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

Neth