2023 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. චක්‍රලේඛ සහ අමාත්‍යංශ විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීන්දු පිළිබඳව පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා අද දිනයේ වැඩමුලුවක් ද පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොලීසියට ලබාදෙන මාසික ඉන්ධන ප්‍රමාණය සියයට 20 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ දිනයේ සිටයි. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් කොට්ඨාශ භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඈති වූ ගැටුම්කාරී සිද්ධිය වූ දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ (01) දන්වා සිටියේය.
The education system in the country must be completely restructured and that must begin at elementary level, Education Minister Susil Premajayantha said.
The officials of the Department of Zoology have informed the Minister of Agriculture, Wildlife and Wildlife Conservation Mahinda Amaraweera that there is no money to provide daily food to the animals in the Dehiwala Zoo as well as other zoos in the country.
මෙම වසරේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හා රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
The Department of Excise yesterday said they have no control over the price increase of liquor owing to the escalation of Value Added Tax (VAT) from 8% to 12% from midnight Tuesday.
Page 176 of 638