විදුලිබිල ඉහළ දමන ආකාරය තවත් දින තුනක් ඇතුළත තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි ඒකක 30 ත් 60 ත් අතර භාවිත කරන අඩුආදායම්ලාභීන්ට අසාධාරණයක් නොවන පරිදි විදුලිබිල ඉහළ දමන බවයි.
කොළඹ නගර සීමාවේ සියලු පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.
The Ministry of Public Security has instructed the police to use minimal force against those who behave violently near filling stations and during protests.
විදුලි කප්පාදු වේලාව තවත් විනාඩි 15කින් දික් කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
තේ කර්මාන්තශාලාවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලංගම ඩිපෝ හරහා ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඉන්ධන පිරවුම්හල් මගින් තේ කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට තේ මණ්ඩලය මගින් බලපත්‍ර ලබාදී තිබුණා.
පවතින තත්ත්වය හේතුවෙන් පාසැල් කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට පවත්වනවාද? නැද්ද? යන්න පිළිබඳවයි.
විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට මෙරටට ඇතුල්වීමේදී අනිවාර්ය කර තිබූ කොරෝනා රක්‍ෂණාවරණය ඉවත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.
මෙම වසර තුළ ගමන් බලපත්‍ර තුන්ලක්ෂ 50, 000ක් පමණ නිකුත් කර ඇතත් ඒ අතරින් විදේශ ගතව ඇත්තේ හැටදහසක් පමණ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කරනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් යළි කථාබහක් මතුවුණේ අද සිට නොරොච්චෝලේ බලාගාරයේ කොටසක් වසා දැමීම හේතුවෙන්. එලෙස වසා දැමෙන්නේ දින 75 කටයි.
Page 172 of 642