Thursday, April 25, 2024
Follow Us
09 වනදා වර්ජනය ගැන විමර්ශනයක්

විදුලිබල ඇමති කරන අලුත්ම හෙළිදරව්ව


පසුගිය ජුනි මස 09 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඊට අදාළ ලිපිය තමන් වෙත අද(04) දිනයේ ලැබුණු බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය ජුනි මස 09 වනදා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කළ අතර එදින විදුලිය බිඳවැටීමට අදාළව මෙලෙස විමර්ශනයක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විසින් අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් අදාළ නිර්දේශ ඇතුළත් කරමින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ එදින ජල විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබියදී ඉන්ධන බලාගාර මෙහෙයුම් සඳහා රුපියල් මිලියන 320ක වියදමක් දැරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ජුනි මස 10 වනදා තමන් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ කළමනාකාරීත්වයට මෙම සිද්ධීන් පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස දැනුම්දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා සහාය වන ලෙසද අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසද තමන් උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කිරීම සඳහා ඊට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් තාවකාලිකව ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කරන ලෙසද තමන් උපදෙස් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

1) Received a letter this morning from PUCSL recommending to conduct an inquiry in to the power interruption due to CEB union action on 9th of June. They have concluded a Rs 320 Million cost incurred operating Fuel Plants when Hydro power could have been generated on same day. pic.twitter.com/EoAwwJplry

— Kanchana Wijesekera (@kanchana_wij) July 4, 2022

Aruna