Friday, April 26, 2024
Follow Us
බස් ගාස්තුව වැඩියෙන් ගත්තොත් 1955ට කියන්න

බස්රථයහි ගාස්තු ප්‍රදර්ශනය අනිවාර්යයි


බස් මගීන්ගෙන් නියමිත ප්‍රමාණයට වඩා මුදල් අය කරන්නේ නම් 1955 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියා සිටී.

බස්රථයහි අනිවාර්යයෙන්ම ගාස්තු ප්‍රදර්ශනය කළ යුතු බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා කියයි.

මේ සම්බන්ධව සොයා බැලීමට ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් යොදවා තිබුණ ද එම කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රායෝගික ගැටලු පවතින බවත් එම ගැටලු මඟහරවා ගැනීම සඳහා ඉහත දුරකථන අංකය භාවිත කරන ලෙසත් එම අමාත්‍යාංශය දැනුම්දේ. එමෙන්ම ඉදිරියේ දී කාර්ඩ් පත් ක්‍රමයක් මඟින් බස්රථ සඳහා මුදල් ගෙවීමේ හැකියාව සලසා දීමට කටයුතු කරන බව ද හෙතෙම තව දුරටත් කීය.

Aruna