Wednesday, February 18, 2026
Follow Us
හෙට සිට සතියක් සියලුම පාසල් නිවාඩු

අහිමි පාසල් කාලයට කරන දේ ගැන නිවේදයක්


දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (04) දිනයේ සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු පාසල් බලධාරීන් එක්ව අද(03) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජුලි 04 වැනි දින සිට ජුලි 08 වැනි දින තෙක් පාසල් වසා තැබෙනු ඇත.

එම සතිය තුළ අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Aruna