Thursday, July 23, 2026
Follow Us
ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් එම සාකච්ඡාවට එක්වීමට නියමිතව තිබෙනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ එහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Neth