පෙර ප්රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්රාමාත්ය රනිල් වික්රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ කාමරයක තිබු අල්මාරියක් තුල තිබී රුපියල් මිලියන 17කට ආසන්න මුදල් හමුවී ඇති බව දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්ය තුල හුවමාරු වෙමින් පවතිනවා.
එල්ල වූ මහජන විරෝධය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
එළඹෙන මහ කන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය නතර කිරීම රජයේ ඉලක්කය බව සම කැබිනට් ප්රකාශක කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට පෙර අමාත්ය මණ්ඩලය විසුරුවා හැරිය යුතු බව නිර්පාක්ෂික අරගලකරුවන් පවසනවා.
මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත් පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමන් වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඊයේ රාත්රියේ විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.
කිසිදු ආකාරයකින් සමාජ මාධ්ය ජාලා අවහිර නොකරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජයන්තද සිල්වා අවධාරණය කරනවා. ඒ, දුරකතන සේවා සැපයුම්කරුවන්ට විදුලි සංදේශ නියාමන කොමිසම්ෂන් සභාව යැවූ බව කියමින් සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.
Page 168 of 648