ව්‍යාජ කෙටි පණිවිඩ වලට රැවටෙන්න එපා
රටේ මේ වන විට පවතින ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන ලබාගැනීමට හෝ ඒ සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවිඩ (SMS) සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය සදහන් කළේ ජංගම දුරකතනවලට ලැබෙන එවැනි පණිවිඩ යොමුකර එමගින් පෞද්ගලික දත්ත එක්රැස් කර ඒ ඇසුරිනි අපරාධවලට යොමුවීමට සංවිධානාත්මක අපරාධකරුවන් ක්‍රියාකරන බවයි.
එම නිසා ඔබට ලැබෙන මෙවැනි ව්‍යාජ සබැදියන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Aruna