බීර නිෂ්පාදනය සඳහා පරිභෝජනයට සුදුසු සහල් යොදා ගන්නේ නම් එය වහාම නතර කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
පවතින ඉන්ධන ගැටලුව හමුවේ ලබන සතියේ, නාගරික ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් යලි සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන නිකුක් කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිකුත් කළ ට්විටර් පණිවිඩය හේතුවෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
එළඹෙන යල කන්නයේ වී කිලෝවක් මිලදී ගැනීමට සිදුවන අවම මිල රුපියල් 120 ක් දක්වා ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා විශ්වාසය පළ කරනවා. ඔහු කියා සිටියේ සහල් හිගයක් පිළිබඳ බිය පළවීමත් සමග ඉකුත් සමයේ වී කිලෝවක මිල රුපියල් 160 සීමාව දක්වා ඉහළ ගිය බවයි.
පිරවුම්හල්වල ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස සියලු පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.
With the increase of Ceylon Petroleum Corporation (CPC) fuel prices from early this morning, the estimated cost of imported refined petroleum products was released by the Power and Energy Minister.
ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජුලි 5 – 12 අතර පැමිණීමට නියමිත ගෑස් නෞකා දෙකත් සමග ආරම්භ වන අලුත් ගමන ඔස්සේ මෙරට ගෑස් පෝලිම් 100%ක්ම අවසන් කිරීමට හැකියැයි තමන්ට විශ්වාස බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Page 169 of 642