දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු සංශෝධනය කල් දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දින නියමයකින් තොරව එම ගාස්තු සංශෝධනය කල් දමන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර තිබුණු අතර ඒ අනුව දැනට රුපියල් දහයක් වන අවම දුම්රිය ගාස්තුව රුපියල් විස්ස දක්වා ඉහළ දැමීමටයි සැලසුම් කර තිබුණේය.
Aruna