Wednesday, November 20, 2024
Follow Us
ගෑස් නැවක් අද දිවයිනට

මෙම මස තුළ ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වීමට සැලසුම්


ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාව අද (10) පස්වරු 3ට පමණ දිවයිනට ළඟා වීමට නියමිතව ඇත.

එය දිවයිනට පැමිණීම ප්‍රමාද වී ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.

හෙට (11) සහ එළඹෙන 16 යන දින වලදීත් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ක් දිවයිනට ගෙන්වීමටයි සැලසුම් කර තිබේ.

Aruna