Wednesday, November 20, 2024
Follow Us
ජනපති 13 වෙනිදා ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමන් වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.

පක්ෂ නායක රැස්වීම ඊයේ ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබූ බවට වාර්තා වුණේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් ප්‍රධාන තීරණ හතරකට එළඹ තිබෙනවා. ජනාධිපති සහ අගමැති ඉවත් වීම, කතානායක වැඩබලන ජනාධිපති ලෙස දින තිහක් සඳහා පත්වීම, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස පත් කිරීම සහ මැතිවරණයක් පවත්වන තුරු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම එම තීරණ හතරයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා විසින් ඊයේ රාත්‍රියේ වට්ස්ඇප් මගින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

Neth