Wednesday, November 20, 2024
Follow Us
අලුත් ආණ්ඩුව හදන හැටි මෙන්න

පරිපාලන නිලධාරීන්ගෙන් විශේෂ නිවේදනයක්


යෝජිත අන්තර්වාර පාලනය සාර්ථක කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු කරුණු 12ක් පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ව්‍යුහාත්ම වෙනස්කම් ආරම්භයේදීම සිදු නොකරන අන්තර්වාර රජයකින් මහජනතාව බලාපොරොත්තු වන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වන බව ඔවුන් පවසයි.

එය විදේශ ණය කළමනාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගැනීමට සූදානම් වන මාණ්ඩලික නිලධාරී මට්ටමේ එකඟතාවයටද අහිතකර වන බව එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කරන කරුණු 12 පහතින් දැක්වේ.

1. පිහිටුවීමට නියමිත අන්තර්වාර රජය උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරු 15දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.

02. බිඳවැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා විෂය ප්‍රමාණික / ප්‍රායෝගික වෘත්තියවේදීන් ජාතික ලැයිස්තුව මගින් ආර්ථික ව්‍යවස්ථාදායකය වෙත පත් කොට ආර්ථිකා හා සම්බන්ධ අමාත්‍යධූරයන්හි වගකීම් ලබා දීම.

03. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ කාර්ය මණ්ඩලය ඉතා අවම සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතුය.

04.කැබිනට් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පෞද්ගලික ලේකම්වරයෙකුට පමණක් සීමා විය යුතුය.

05. අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත් කළ යුත්තේ සක්‍රීය සේවයේ නියුතු පූර්වයෙන් විනය දඩුවම් ලබා නොමැති හා දැනට විනය ක්‍රියාමාර්ගවලට යටත් කොට නොමැති ජ්‍යේෂ්ඨ සිවිල් රාජ්‍ය නිලධාරීන් පමණි.

06. දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රදානීන් ලෙස පත් කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ සහිත උපලේඛන ගත තනතුරුවලින් අදාළ සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් පමණි.

07. රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සභාපතිවරු ඇතුලු නිලධාරීන් විධිමත් ක්‍රමවේදනයකට අනුව පත් කල යුතුය.

08. පළාත්පලන ආයතනවලට සභිකයින්ගේ ධුර කාලය ව්‍යවස්ථානුකූලව අවසන්ව ඇති බැවින් අධික පිරිවැයක් දරමින් ඔවුන් නඩත්තු නොකොට එම ආයතන නොපමාව විසුරුවා හැරීමට කටයුතු කළ යුතුය.

09. භාණ්ඩාගාරයට අධික වැයබරක් වෙමින් නඩත්තු වන ක්‍රියාත්මක තලයේ නොමැති පාඩු ලබන රාජ්‍ය ආයතන වහාම ඇවර කිරීමට කටයුතු කළ යුතුය.

10. අධික කුලී හෝ බදු පදනමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ රජයේ ගොඩනැගිලිවල ස්ථාපිත කළ යුතුය.

11. පූර්වයෙන් පැවති රාජ්‍ය අමාත්‍යාංශයන්හි විෂයය පථයයන් හා කාර්ය මණ්ඩල අදාළ රේඛීය අමාත්‍යාංශ වෙත වහාම යොමු කළ යුතුය.

12. පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ආන්තීකරණයට ලක් වී ඇති ජනතාව වෙත සහන සලසමින් පුරවැසි අපේක්ෂාවන් ඉටුවන පිරිමැසුම්දායක විසර්ජන පනත් කෙටුම්පතක් සකසා අනුමැතිය සඳහා වහාම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුය.

Aruna