Tuesday, May 05, 2026
Follow Us
ගාස්තු වැඩිකිරීම කල්යයි. දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට සූදානම්

අද (11) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය ඇතුළුව සතියේ දිනයක ධාවනය කිරීමට නියමිත සියලුම දුම්රිය කාලසටහන් අනුව ධාවනය කෙරෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එසේම අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමා තිබේ.

LNW