අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය තව සුළු මොහොතකින් පහත සඳහන් සක්‍රිය කෙරේ.
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද යූරියා පොහොර දිවයින පුරා බෙදා හැරීම සඳහා අමතර ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද උදෑසන ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ බව සහ ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීම අද සිදු කෙරුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින් එම නිවේදන සභාවට ඉදිරිපත් කළා.
නව ජනාධිපතිවරයෙකු ලබන සතියේදී පාර්ලිමේන්තු ක්‍රමවේදය තුල තෝරා පත්කර ගන්නා තෙක් තමන් විසින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස සුවිශේෂී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
Page 159 of 642